විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩල සපයා දීමට රජය තීරණය කර තිබේ.
මේ අනුව පී කාණ්ඩයේ චිපය රහිත හිස් විදේශ ගමන් බලපත්‍ර 1.100.000ක් වත්මන් සැපයුම්කරුගෙන් සපයා ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මේ වන විට ආරම්භ කර ඇත.
මේ වන විට පවතින විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය ඉවත් කිරීම සඳහා ආගමන විගමන දෙපර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
මේ අනුව දිනකට ගමන් බලපත්‍ර හාරදහස බැගින් නිකුත් කිරීමට තීරණය කර තිබෙන අතර මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අතිරේක කාර්යමණ්ඩල කොන්ත්‍රාත් පදනමින් බඳවා ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
එම දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ලබා ඇති නිලධාරීන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකගතාව කොන්ත්‍රාත් පදනමින් බඳවා ගැනීමට තීරණය කර තිබෙන අතර ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.