පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් දීමට තමන් අකමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මියට අද (03) දැනුම් දුන්නේය.
පාස්කු ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් දන්නා බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සවිස්තරාත්මක ප්‍රකාශයක් රහස් පොලිසියට දී ඇති හෙයින් ඒ පිළිබඳවම මහේස්ත්‍රාත්වරිය හමුවේ ප්‍රකාශයක් දීමට තමන් අකමැති බව සිරිසේන මහතා වැඩිදුරටත් දැනුම් දුන්නේය.
නීතීඥ සංදීප්ත සුරිආරච්චි මහතාගේ මෝෂමකට අනුව මෙම නඩුව කැඳවු අවස්ථාවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපතී නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා ඒ බව දැනුම් දුන්නේය.
පාස්කු ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කළ රහස් පොලිසිය කළ කැඳවීමට අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා රහස් පොලිසිය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් දුන් අතර ඒ පිළිබඳ නීතීපතිවරයාට දැනුම් දෙමින් තමන් ගතයුතු ඉදිරි පියවර කුමක්දැයි රහස් පොලිස් නිලධාරීහු උපදෙස් පැතූහ.
මේ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර අධිකරණ නියෝග මත හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණයට කැඳවා ඔහුගෙන් ප්‍රකාශයක් ගැනීමට කටයුතු කරන ලෙස නීතීපතිවරයා දුන් උපදෙස් වලට අනුව කටයුතු කරමින් රහස් පොලිස් නිලධාරීන් කළ ඉල්ලීමකට අවසර දුන් අධිකරණය මෙම පැමිණීල්ල අද (04 වැනිදා) කැඳවීමට නියම කර තිබිණි.
එසේ තිබීයදී නීතීඥ සංදීප්ත සුරිආරච්චි මහතා ඉදිරිපත් කළ මෝෂමකට අනුව මෙම පැමිණිල්ල අධිකරණයේ කැඳවු අවස්ථාවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපතී නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා කරුණු දක්වමින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තම සේවාදායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රහස් පොලිසියට කළ ප්‍රකාශය පදනම් කරගෙන ඒ පිළිබඳ ඔහු දන්නා කරුණු හෙට (04 වැනිදා) අධිකරණයේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස දැනුම් දී ඇතැයි පැවසීය.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වැනි වගන්තිය යටතේ මහෙස්ත්‍රාත්වරයා හමුවේදී ප්‍රකාශයක් කිරීමට එසේ දැනුම් දී ඇතැයි කී ජනාධිපතී නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා ඒ සම්බන්ධයෙන් තම සේවාදායකයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා මෙම පැමිණිල්ල වෙනත් දිනයක කැඳවීමට නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වැනි වගන්තිය යටතේ මහෙස්ත්‍රාත්වරයා හමුවේදී ප්‍රකාශයක් කිරීමට එසේ දැනුම් දැනුම් දුන්නේ රහස් පොලිසිය කළ ඉල්ලීමකට අනුව යැයිද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තමන් නියෝගයක් නිකුත් නොකළ බවත් ප්‍රකාශයක් දෙනවා නම් ප්‍රකාශය කිරීමට එසේ දැනුම් දුන්නේ යැයිද කීවාය.
ජ