ෙපාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්රහාරයට සැකපිට ශ්රී ලාංකිකයෙක් මියන්මාරයේදි අත්අඩංගුවට පත්ව තිබේ. ඊයේ සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අවුරුදු 39ක් වන අබ්දුල් සලාම් ඉර්ෂාඩ් මහමූද් නම් පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ.
මියන්මාර පොලීසිය එරට සියලුම හෝටල්වල්ට හා නවාතැන් පහසුකම් සපයන ස්ථානවලට යොමුකළ ලිපියකින් මෙම සැකකරු පිළිබඳව තොරතුරු ඉල්ලා තිබේ.

