පාසැල් පොත් බෑගයේ බර අඩු කිරීම සම්බන්ධයෙන්අධ්යාපන අමාත්‍යාංශයේ ලෙකම් වසන්තා පෙරේරා මහතා පෙරේරා මහත්මිය විසින් උපදෙස් නිකුත් කර තිබේ.
පාසැල් පොත් බෑගයේ බර වැඩිවීම නිසා පාසල් සිසුන්ගේ කොඳු ඇට පෙළේ ආබාධ වැනි විවිධ ශාරීරික අපහසුතා ඇතිවිය හැකි බව සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දී තිබේ.
ඒ අනුව සිසුන්ගේ පොත් බෑගයේ බර අඩු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති අතර එහි එක් පියවරක් වශයෙන් තෝරාගත් පෙළ පොත් කාණ්ඩ වශයෙන් මුද්‍රණය කිරීමට මේ වන විට අවශ්‍ය පියවර ගෙන තිබේ.
තවද සිසුන්ගේ පොත් බෑගයේ බර අඩු කිරීම සඳහා විකල්පයක් ලෙස සිසුන් සඳහා සකස් කර ඇති වැඩ පොත් හැරුණු විට අනෙකුත් පෙළ පොත් පාසලට ගෙන ඒම අවම කිරීමට විදුහල්පතිගේ සෘජු අධීක්ෂණය යටතේ ගතයුතු පියවර දන්වමින් අධ්‍යාපන ලේකම් වසන්තා පෙරේරා මහත්මිය උපදෙස් මාලාව නිකුත් කර තිබේ.