පසුගිය වසරවලට සාපේක්ෂව මේ වන විට දරුවන්ගේ මන්ද පෝෂණ තත්වය වඩාත් ඉහළ ගොස් ඇති බවත්,ඒ අතරිනුත් පාසැල් දරුවන් අතරින් කෘශ බව වැඩි දරුවන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් බවත්, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති,විශේෂඥ වෛද්‍ය ජී.ජී.චමල් සංජීව මහතා පැවසීය.
වෛද්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (27දා) පෙරවරුවේ සූරියවැව ප්‍රදේශයේදී මාධ්‍ය සාකච්ජාවක් පවත්වමිනි.
"මීට වසර එක හමාරකට පමණ පෙර අප හම්බන්තොට දරුවන්ගේ පෝෂණ තත්වය පිළීබදව හෙළිදරව්වක් කළා.නමුත් නිලධාරීන් ඊට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන තවමත් ඒ පිළිබඳව හෙළි කළ මා පිළිබඳව විමර්ශන පැවැත්වීම සිදුකරමින් තිබෙනවා.අප කළ හෙළිදරව්ව පිළිබඳව හම්බන්තොට රාජ්‍ය නිලධාරීන් මේ වනතුරුත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව මෑතකදී පෝෂණ මාසය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් පවුල් සෞඛ්‍ය කාර්යංශය විසින් 2023 වර්ෂයට අදාළව නිකුත් කරන ලද වාර්තාවේ පැහැදිලිව සඳහන්ව තිබෙනවා.
පසුගිය වසරට අදාළව පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් නිකුත් කළ වාර්තාවේ බොහොම පැහැදිලිව සදහන් වෙලා තියෙනවා පාසැල් දරුවන් අතර උසට සාපේක්ෂව බර අඩු වීම හෙවත් කෘශභාවය වැඩිම දරුවන් පිරිසක් ජීවත් වෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බව.එය ප්‍රතිශතයක් ලෙස 32.4%ක්. ඒ අනුව ලංකාවේ අනෙක් දිස්ත්‍රික්කවලට සාපේක්ෂව බලන විට කෘශභාවය වැඩිම දරු පිරිසක් වාර්තා වන්නේ හහම්බන්තොට දිස්ත්‍රික්කයෙන්.මේ මම හදපු වාර්තා නෙමේ.මේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය නිකුත් කළ දත්ත.
දරුවන්ගේ උසට සරිලන බර ඌණතාව කියන්නේ දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවෙහි පවතින අර්බුදයක්.ළමා වර්ධන සටහන් ගත්තමත් උසට සාපේක්ෂව බර කියලා කියන්නෙත් ඉතා වැදගත් සාධකයක්.අප සිදුකළ සොයාබැලීම්වලදි පවා අපට අනාවරණය වුණේ හම්බන්තොට පාසැල් යන වයසේ දරුවන්ගේ ආහාර වේල බවට බොහෝ වෙලාවට පත්වෙලා තියෙන්නේ කිඹුලා බනිස් එකක් හෝ පාන්පිටි සහිත ආහාරයක්.ඇතැම්විට දරුවට දවසටම කුසට තියෙන්නේ කිඹුලා බනිස් ඒක විතරයි.දරුවන් වෙනුවෙන් පෝෂ්‍යදායි ආහාරවේලක් ලබා දිමට දෙමාපියන් මේ වනවිට අපොහොසත් වෙලා ඉන්නවා පවතින ආර්ථික තත්වයත් එක්ක.
මීට වසර එකහමාරකට පමණ පෙර මේ විදියටම මම හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ සිදුකළ සමාජ සමීක්ෂණයකින් පසු හම්බන්තොට දරුවන්ගේ මන්දපෝෂණ තත්වය පිළිබදව හෙළිදරව් කළා. නමුත් දේශපාලකයන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ අවධානය ඊට යොමු වුණේ නෑ.මේ දරුවන්ගේ වර්ධනය ,පෝෂණය පිළිබඳව හම්බන්තොට රාජ්‍ය නිලධාරීන් කිසිවෙකුත් කිසිදු තැකීමක් කළේ නෑ.ඒ නිසා එහි ප්‍රතිපල තමයි අද මේ දකින්න තියෙන්නේ.එදා මේ පිළිබදව රටට කිව්වම ඒ ගැන හොයලා බලලා ඊට විසඳුමක් දෙනවා වෙනුවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ හිටපු සෞබ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු අමාත්‍යාංශ ඉහළ නිලධාරීන් කළේ මගේ වැඩ තහනම් කරලා පරීක්ෂණ පැවැත්වීමයි.නමුත් ප්රශ්නය තවමත් ඒතනමයි.ඊට විසඳුම් දෙන්න බලධාරීන් කටයුතු කළේ නෑ..
උසට අදාළ බර අඩුවීම කෘශභාවය ලෙස හඳුන්වනවා. කෘශ බව මගින් කෙටි කාලයක් තුළ දරුණු ලෙස බර අඩුවීමක් හඟවනවා. ඇතැම් විට මෙම තත්ත්වය කාලයක් තිස්සේ පැවතිය හැකියි. ආහාර ප්‍රමාණය සහ පෝෂක සංඝටක විශේෂයෙන්ම ශක්ති ජනක ආහාර අවශ්‍ය ප්‍රමාණවලින් නොලැබීම හෝ නිතර නිතර රෝගී වීම හෝ දීර්ඝකාලීනව පවත්නා රෝගී තත්ත්වයන් නිසා මෙම තත්වය ඇතිවිය හැකියි.
පෝෂණ දත්ත අනුව අඩුබර දරුවන් වැඩිම ප්‍රතිශතයක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙනුත්,උග්‍ර තීව්ර බර අඩු දරුවන් කළුතර දිස්ත්‍රික්කයෙනුත් වාර්තා වී තිබෙනවා.ඒමෙන්ම ගර්භිනී මව්වරුන් අතරත් මන්දපෝෂණයේ සහ නීරක්තියේ වැඩිවීමක් මේ වන විට දක්නට ලැබෙනවා.
මේ වන විට වයස අවුරුදු පහට අඩු දරුවන්,වයස අවුරුදු පහට වැඩි පාසල් වයසේ දරුවන් හා ගර්භනී මව්වරුන් සහ තරුණියන් අතර ඇතිවන පෝෂණ අර්බුදය කෙරෙහි කඩිනම් අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා.මේ සඳහා රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලකයන් සක්‍රීය දායකත්වයක් ලබාදීම නොකළහොත් අත්වෙන ඉරණමද ඉතා භයානක වෙන්න පුළුවන්.පාසල් දරුවන්ගේ පෝෂණය පිළිබඳව නොසලකා හැරීම කියන්නේ දිගු කාලීන සමාජ අර්බුදයක් දක්වා වැඩි වර්ධනය විය හැකි කාරණයක් බැවින් ඒ සම්බන්ධව ප්‍රතිපත්ති සම්පාදන ක්ෂේත්රයේ දී ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දිය යුතුයි."
සූරියවැව -නුවන් ජයසේකර