පුත්තලම පාලවිය බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙ ආරම්භයෙ සිට වැඩ වාසය කල හිමිනමකට හා තවත් හිමිනමකට අමානුෂිකව දායක සභාවේ පිරිසක් විසින් පහර දීමේන් බරපතල තුවාල හා අස්ථි බිදිමකට ලක්ව පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ වලපනෙ අස්ථ දස්සි හා අරඹගෙ අරියධම්ම සුගතපාල යන හිමිවරු දෙනමක් බව කියයි.
මෙම පාලවිය බෞද්ධ සංස්කෘතිත මධ්‍යස්ථානය වසරකට පෙර ආරම්භ කර ඇති අතර එහි ආරම්භයෙ සිට දරුණු පහර කැමට මෙම වලපනේ අත්තදස්සී හිමියන් රැදි සිට ඇති බව කියයි.
දායක සභාවේ පිරිසක් අතර දිගින් දිගටම ඇතිව තිබු ආරවුලක් මත මෙම අමානුෂීක පහර දීම් සිදුව ඇති බව කියයි.
මෙම ආරවුල හේතුවෙන් පසුගිය දිනවල මෙම හිමියන්ගේ හම්බන්තොට ගොස් නැවත විහාරස්ථානයට පැමිනි අවස්ථාවේදි එම හිමියන් රැදි සිටි ගොඩනැගිල්ලේ දොර අගුලු කඩා උන් වහන්සේට අයත් දෑ සොරකම් කර තිබු බව කියයි.
ඉන් පසුව ඒ බව පුත්තලම මුලස්ථාන පොලිසියට ගොස් පැමිනිලි කර ආපසු නැවත මෙම විහාරස්ථානයට පැමින සිටියදී කඩා වැදුන දායක සභාවේ පියකු හා පුතෙකු ඇතුළු පිරිසක් එක්වි ඉතා අමානුෂීක පහර දී සිවුරු ගලවා දමා ඇති බව කියයි.
පසුව එයින් බේරීම සදහා විහාරස්ථානයෙ සිට දිව යමින් සිටි එම හිමියන්ට මෙම පහර දීමට රිඝුව සම්බන්ධ පියා හා ප්රත්රයා පසුපස පැමිණේමින් අමානුෂීක ආකායෙන් පහර දී ඇති බව කියයි.
එම පහර දීමේන් පසුව ඒ පිළිබදව පුත්තලම මුලස්ථාන පොලිසියට නැවත පැමිනිලි කර විහාරස්ථානයට රාත්‍රියෙ පැමිනිමේන් පසු නැවතත් කඩා වැදුන පිරීසක් විසින් පොලු මුගුරු වලින් මෙම භික්ෂුන් වහන්සේට හා එහි රැදි සිටි අනෙක් භික්ෂුන් වහන්සේට අමානුෂික අයුරීන් පහර දී ඇත්තේ දෙවන වරටය.
එහිදි මෙම දරුණු ලෙස අස්ථි බිදිමකට ලක්වි ඇති වලපනේ අත්ත දස්සී හිමියන් පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබති.
ඒ සමගම අනෙක් භික්ෂුන් වහන්සෙටද පහර දීමේන් සුළු තුවාල සිදු ඇති බව කියයි.
මෙම පහර දීම සදහා මේ වන විට පුත්තලම මුලස්ථාන පොලිසිය මගින් අදලා පහර දීමට සම්බන්ධ හය දෙනෙකු අත් අඩංගුවට ගත් බව කියයි.
පුත්තලම මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.ඒ .කුලතුංග මහතාගේ මෙහෙය විමේන් අපරාධ විමර්ශන අංශයෙ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ජීවන් කුමාර මහතා ඇතුළු නිළධාරීන් පරික්ෂණ වලට එක්වි සිටිති.