ත්‍රිකුණාමලය, කින්නියාහා කුරුංඤ්ඤකේනි කලපුවේදී පාලම් පාරුවක් පෙරළීමෙන් සිදුවු අනතුරින් පුද්ගලයන් 6ක් මියගොස් තවත් 20ක් තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
මිය ගිය පුද්ගලයන් අතර අවුරුදු 70ක පුද්ගලයෙක්, ඒකම පවුලේ අවුරුදු 30ක මවක්, වයස අවුරුදු 6ක පුතා හා අවුරුදු 3 හමාරක දියණියක් මෙන්ම ඒකම පවුලේ වැඩිමහල් සහෝදරිය හා බාල සහෝදරිය මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ වන විට පුද්ගලයන් 19ක් කින්නියා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බවත් ත්‍රිකුණාමලය මහ රෝහලේ දැඩි සත්කාර ඒ්කකයේ අවුරුදු 6ක දැරියක් ප්‍රතිකාර ලබන බවත් ඔහු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
නාවික හමුදාව හා පොලීසියේ මෙහෙයුම් මේ වන විට අවසන් කර ඇති බවත් ප්‍රදේශවාසීන් මේ වන විට කින්නියා ප්‍රා දේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධයක් පවත්වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_9997866284.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_3948d7caa8.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_9ffabd666f.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_289714628d.jpg)