මුල්‍ය කාරක සභාවේත් අධීක්ෂණ කාරක සභා 10ත් සභාපතිවරුන් ලෙස පාර්ලිමේන්තුවේ පසුපෙල මන්ත්‍රීවරුන් පත්කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අද (29) විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සදහන් කරනුයේ එහි සභාපතිවරුන් ලෙස අමාත්‍යවරු පත් නොකර පසුපෙල මන්ත්‍රීවරුන් පත් කිරීම තුලින් අමාත්‍යවරයාගෙන් ස්වාධිනවත්, අමාත්‍යවරයා සමගත් වැඩ කිරීමට පරිසරය උදා කිරීමට හැකි බවයි.
"අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමා බැංකු හා ෆිනෑස් කම්පැනිවල මුල්‍ය තත්ත්වය. ඒවා දුර්වල වෙලා තියෙනවා. ඒ නිසා බැංකු හා මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවක් යෝජනා කරනවා. අපේ ස්ථාවර නියෝග 111 යටතේ අපිට අධීක්ෂණ කොමිටු පත්කරන්න පුළුවන්. ඒ නිසා යෝජනා කරනවා අධීක්ෂණ කොමිටු 10ක් පත්කරන්න.
මේ මුල්‍ය කාරක සභා 5 ඒ වගේම අධීක්ෂණ කාරක සභා 10 සභාපති ලෙස ඉන්නේ පසුපෙළ මන්ත්‍රීවරු. ඒ නිසා අපිට අවස්ථාව තියෙනවා ඇමතිවරුන්ගෙන් ස්වාධීනවත් ඇමතිවරුන් සමගත් යන දෙකටම වැඩකරන්න ක්‍රමවේදයක් ඇති කරන්න.
මේ කාරක සභා 15ටම යෝජනා කරන්නේ තරුණ නියෝජිතයින් 4 දෙනෙක් පත්කරන්න. එයින් එක්කෙනෙක් යොවුන් පාර්ලිමේන්තුවෙන්. අනෙක් තුන මේ විරෝධය පළකරපු කණ්ඩායම්වලින් හා අනෙක් තරුණ කණ්ඩායම්වලින් තෝර ගන්න. ඒ තෝර ගන්න ක්‍රමවේදය තරුණ සංවිධාන මඟින්ම තීරණය කරන්න පුළුවන්. මේ අවස්ථාවේ දී තරුණයින්ට පුළුවන් ප්‍රශ්න දැනගන්න ඒ වගේම තමන්ගේ විසඳුමත් ඉදිරිපත් කරන්න.,