පාර්ලිමේන්තුව තුළ ද්විත්ව පුරවැසියන් සිටියත් ඒ් පිළිබඳව තොරතුරු දැන ගැනීමට ක්‍රමයක් නොමැති බවත් වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පත්ව සිටින්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පැවැසීය.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට පිවිසීම තහනම් කර තිබුණ බැවින් ද්විත්ව පුරවැසිභාවය ඇති යම් අයෙක් වත්මන් පාර්ලිමේන්තුවේ සිටියි නම් ඔවුන් පාර්ලිමේන්තුවට පමිණ ඇත්තේ ඒම කරුණ සඟවමින් බවද ඔහු අද පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
"මැති සබේ ද්විත්ව පුරවැසියන් දසදෙනෙකු සිටින බවත් ඔවුන් වහාම ඉල්ලා අස්විය යුතු බවත් මෑතක දී මන්ත්‍රිවරුන් ගණනාවක් ප්‍රකාශ කර තිබුණා. ඒ අයගෙන් ඔය මන්ත්‍රිවරු දසදෙනා කවුද කියලා අහන්නකෝ. එහෙම කියන්න ලැයිස්තුවක් කා ගාවවත් නෑ. ඕක හිතළුවක් විතරයි. හැබැයි ඔය හිතළුවට පසුබිම් කතාවක් තිබෙනවා.
2015 දී ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රිවරු වීම තහනම් කළ අවස්ථාවේ ලංකාවේ ප්‍රකෝටිපත් ව්‍යාපාරිකයෙක් මගෙන් ඉල්ලීමක් කලා. “දෙමළ සංධානයේ මන්ත්‍රිවරු දසදෙනෙක් නෝර්වේ සහ කැනඩාවේ ද්විත්ව පුරවැසියන්. ශ්‍රිලනිප ඇමතිවරයෙකු ස්විට්සර්ලන්තයේ පුරවැසියෙක්. මම අවශ්‍ය මුදල වියදම් කරන්නම්. මේ අය ගැන තොරතුරු හෙලි කරලා මැති සබයෙන් ඉවත් කරමු” කියලා.
මම වෙබ් අඩවි වල තොරතුරු හෙව්වා. ඒ රටවලට ලිව්වා. නමුත් කිසිම රටක් තමන්ගේ පුරවැසියන් පිලිබඳ තොරතුරු ප්‍රසිද්ධ කරන්නේ නෑ. තුන්වන පාර්ශවයකට ලබා දෙන්නේ නෑ. කෙනෙකු වෙනත් රටක පුරවැසිකම ලබා ගත්තාම ලංකාවේ පුරවැසිකම අහෝසි වෙනවා. නමුත් වෙනත් රටක පුරවැසියෙකු වුණු බව ලංකාණ්ඩුවට හෙලි නොකර සිටියොත් ඒ බව දැන ගන්න කිසිම ක්‍රමයක් ආණ්ඩුවටවත් අපටවත් නෑ. යම් මන්ත්‍රීවරයෙක් ස්වෙච්ඡාවෙන්ම ප්‍රකාශ කළොත් මිස ඔවුන් ද්විත්ව පුරවැසියන් දැයි දැනගැනීම සඳහා අපට කිසිම ක්‍රමවේදයක් නැහැ.
මැති සබේ ද්විත්ව පුරවැසියන් දහයට වඩා ඇති. නමුත් දැන ගන්න කිසිම ක්‍රමයක් නෑ. වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු සිව්දෙනෙකු හැරෙන්න අනිත් සියළුම දෙනා පාර්ලිමේන්තු ආවේ 20 සංශෝධන සම්මත වීමට පෙර. ඒ නිසා ඔය කියන ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තු ඇවිත් තිබෙන්නේ ද්විත්ව පුරවැසිකම හංගා ගෙන වංචනිකව. ඒ කිසිවෙක් මම ද්විත්ව පුරවැසිකම හංගා ගෙන පාර්ලිමේන්තු ආවේ දැන් යන්න කියනවා නම් යන්නම් කියාවි යැයි කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් ඒ අයට වැරදිලා.
ඒ නිසා ද්විත්ව පුරවැසියන් අල්ලා ගැනීමට වෙනත් උපක්‍රමයක් සොයන්න ඕනෑ. ඉන්දියාවේ 1967 ගමන් බලපත්‍ර පනත යටතේ වෙනත් රටක පුරවැසිකම ගත් වහාම ඉන්දියානු ගමන් බලපත්‍රය ලඟම ඇති තානාපති කාර්යාලයට භාර දිය යුතුයි. එසේ නොකිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. ද්විත්ව පුරවැසියෙකු ඒ බව සඟවා පාර්ලිමේන්තු ආවොත් දේපල රාජසන්තක කිරීම වැනි දැඩි දඬුවම් පැනවිය යුතුයි. ඒ වගේම සෑම මන්ත්‍රිවරයෙකුම තමන් ද්විත්ව පුරවැසියෙකු නොවන බවට දිවුරුම් ප්‍රකාශයක් මන්ත්‍රි ධූරයේ රාජකාරි ආරම්භ කිරීමට පෙර පාර්ලිමේන්තුවට භාර දිය යුතුයි කියා නීතියක් පැනවිය යුතුයි."