පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශනයක් පවත්වා තමා වෙත පමණක් වරද පටවා දඩුවම් කිරිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් තමන්ගේ වරප්‍රසාද උල්ලංගනය වී ඇතැයි සති දෙකක කාලයක් පාර්ලිමේන්තුව තහනම් වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.
කථානායකවරයා වෙත ලිපියක් යොමුකරමින් ඔහු පවසන්නේ 21 දා ඇතිවූ සිදුවීමට හේතුව වූ විපක්ෂ නායකවරයාගේ හැසිරීම මෙන්ම සජබ මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතාගේ හැසිරීම මගින්ද පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ නියමන් උල්ලංඝනය වී ඇති හෙයින් ඔවුන් සම්බන්ධයෙන්ද කථානායකවරයාට පැවැරී ඇති බලතල අනුව සුදුසු දඩුවම් නියම කරන ලෙසයි.