පාර්ලිමේන්තු මැතිවරණයේදි කාන්තා නියෝජනය සියයට 25ක් දක්වා ඉහළ නැංවිමට දැනට යෝජනාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
ගෝනාපිනුවල පැවැති සෞඛ්‍ය වැඩසහනකින් අනතුරුව මැතිවරණ වලදි කන්තා නියෝජනය ඉහළ නැංවීම පිළිබදව ජනාධිපතිවරයා දැක් වූ අදහස් පිළිබදව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසිය.
ජනාධිපතිවරයා සඳහන් කළේ පළාත් සභා මැතිවරණයේ දී සියයට 25 ක කාන්තා නියෝජනයක් සදහා අවශ්‍ය ප්‍රතිපත්තිමය රාමුව වෙනස් කරනවා යන කරුණ බවත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට එවැනි යෝජනාවක් නොමැති බවත් බවත් අමාත්‍යවරයා පැවැසිය.
රසේම පළාත් පාලන ආයතනවල දැනට සැළකිය යුතු කාන්තා නියෝජනයක් සළසා දී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.