ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචියට සුදුසුකම් ලත් පාරම්පරික දේශීය වෛද්‍යවරුන් තිස් දෙදෙනෙකුට ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි සහතික ප්රදානය කිරීමේ උත්සවයක් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම නාවින්න දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේ දී (26) දා පැවැත්වුණි.
එහිදී මුදලට සීමා නොවී , වටිනා කාලය, ධනය,ශ්‍රමය වැය කරලමින් දිවයින පුරා රෝගීන් සුවපත් කොට ජාතික සෞඛ්‍ය සේවාවට අපරිමිත සේවාවක් සිදු කළ පිරිසකගෙන් අයදුම් පත් කැඳවා ලිඛිත හා වාචික පරීක්ෂණයක් සිදුකොට ඉන් සුදුසුකම් ලත් පාරම්පරික වෛද්‍යවරුන් තිස් දෙදෙනෙකුට මෙහිදී ලියාපදිංචි සහතික ප්රදානය කරන ලදී.
ඒ අතර සර්වාංග වෛද්‍ය වරුන් 14 දෙනෙකු, කැඩුම් බිඳුම් වෛද්‍ය වරුන් 10 දෙනෙකු,චර්ම රෝග වෛද්‍ය වරුන් දෙදෙනකු සහ සර්ප විෂ වෛද්‍ය 05 දෙනෙකු සහ අක්ෂි වෛද්‍ය වරයෙකු ඇතුළු 32 මෙහිදී ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි සතිකය ලබාගන්නා ලදී.
මෙම අවස්ථාවට ආයුර්වේද කොමසාරිස් ජනරාල් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන , ආයුර්වේද වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය අජිත් කුමාර,මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
මත්තෙගොඩ ශාන්ත ප්‍රදීප්