පැවති ධාරාණිපාත වර්ෂාව සමග අද 17 අලුයම බණ්ඩාරවෙල අඹදණ්ඩේගම ප්‍රදේශයේ විශාල නායාමක් සිදුවීමෙන් අඹදණ්ඩේගම පිටවලපතන ගම්මානයට යාමට ඇති මාර්ගයද සම්පූර්ණයෙන් නාය ගොස් ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවසීය.
මෙම මාර්ගයේ මීටර් දෙසීයක් පමණ දිගට දිවෙන විශාල පැල්මක් ද ඇතිවී ඇති අතර තවදුරටත් වර්ෂාව පැවතිය
හොත් එම මාර්ගය විශාල වශයෙන් හානි වන බවද පිටවෙලපතන ගම්මානයේ මිනිසුන්ගේ ගමන්මාර්ගය සම්පූර්ණයෙන් ඇන හිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවසීය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මෙම ස්ථානය පරීක්ෂා කර නිරීක්ෂණ වාර්තාවක් ලබාදීමට නියමිත බවද බදුල්ල ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර/ඇල්ල ප්‍රසාද් රුක්මාල්