නොරෝච්චෝල පුලච්චේන ප්රදේශයෙ කුඩා දරුවකු තම පාපැදිය පදිමින් මාර්ගයට පිවිසිමත් සමග මාර්ගයෙ ගමන්
කරමින් තිබු ඩිමෝ බට්ටා ලොරි රථයක ගැටි පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමේන් පසු මරණයට පත්ව ඇති බව
නොරෝච්චෝල පොලිසිය කියයි. මෙසේ මරණයට පත්ව ඇත්තේ නොරෝච්චෝල පුලච්චේන ප්රදේශයෙ පදිංචි මොහොමඩ් සහිර් සකි මොහොමඩ් නැමති වයස අවුරු හතරයි මාස හයක දරුවෙකී.
මරණයට පත් දරුවා ඔහුගේ මව්පියන් විසින් ගෙන දි තිබු පුංචි පාපැදිය නිවස පිහිටි භුමියෙ පැදමින් තවත් කුඩා දරුවන්
පිරිසක් සමග සෙල්ලම් කරමින් සිට එකවරම මාර්ගයට පැමින ඇති බව කියයි.
එහිදි මාර්ගයෙ ගමන් කරමින් තිබු බට්ටා ලොරි රථයක ගැටි ඇති අතර එහිදි බරපතල තුවාල සිදුව පුත්තලම මූලික
රෝහලට ඇතුලත් කර සිටියදී මරණයට පත්ව ඇති බව කියයි.
මෙම මරණය මව්පියන්ගේ නිසි නොසැකිල්ල මත දරුවා පිළිබදව නිසි සොයා බැලිමක් නොමැති විමත් ඩිමෝ බට්ටා
රියදුරුගෙ නොසලකිල්ලත් මත සිදුවු අනතුරක් බව පොලිසි නිළධාරීන් පවසති. අදාල මරණය සම්බන්ධයෙන් නොරෝච්චෝල පොලිසිය පරික්ෂණ අරඹා තිබේ.
හිරාන් ප්රියංකර ජයසිංහ