2025 අප්‍රේල් 26 වැනි දින වතිකානු නගරයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ පැවැත්වීමට නියමිත ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහභාගී වන බව රජය නිවේදනය කරයි.
ඒ අනුව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා වතිකානුව බලා කටුනායක ගුවන් තොටුපොළක් 04/25 දින උදෑසන පිටත්ව ගියේය .
එතුමා 04/25 දින උදෑසන 09.30 ට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 393 දරන ගුවන් යානයෙන් අබුඩාබි නුවර වෙත ගොස් එතැන් සිට තවත් වෙනත් ගුවන් යානයකින් වතිකානුව බලා පිටත්ව යාමට නියමිතය .