පාන් රාත්තලක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 30 කින් ඉහළ දැමීමට තීරණයකර තිබේ. ඒ අනුව පාන් රාත්තලක මිල රුපියල් 110 දක්වා ඉහළ යනු ඇත. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා මාධ්‍ය හමුවකදි මේ බව ප්‍රකාශ කළේ ය. බනිස් ඇතුළුව අනෙකුත් බේකරි නිෂ්පාදන වල මිල රුපියල් 10 කින් ඉහළ දමා තිබේ.