ඉදිරියේදී විශාල පාන් හිඟයක් ඇතිවිමට ඉඩ ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවැසීය. ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
" ඉදිරියේදි විශාල පාන් හිඟයක් ඇති වෙන්න පුළුවන්. අපි ඊයේ දිනයේදි පිටි සමාගම් සමග සාකච්ඡා පැවැත්වූවා. ඔවුන් කීවේ ඒ අයට ඕන තරම් පිටි දෙන්න පුළුවන් ප්‍රශ්නේ තියෙන්නේ ඩොලර්වල කියලා. ඒ අයට අවශ්‍ය ඩොලර්වලින් සියයට 10යිලු ලැබෙන්නේ.
මොකද කරන්නේ කියලා ඒ මිනිස්සු අහනවා. රජයට කියනවා ඉතාමත් ඉක්මනින් මෙ පිළිබඳව මැදිහත් වෙලා සැලකිලිමත් වෙන්න. නැත්නම් විශාල අර්බුදයකට මුහුණ දෙන්න සිදුවෙනවා. විශේෂයෙන්ම පාන් පෝලීමේ ගිහිල්ලවත් පාන් ගෙඩියක් මිලදි ගන්න බැරි තත්ත්වයට සාමාන්‍ය ජනතාවට මුහුණ දෙන්න සිදුවෙයි.
බේකරි හිමියෝ කබලින් ලිපට වැටිලා ඉන්නේ. පිටි මිටියක් හොයා ගන්න බැරි තත්ත්වයට පත්වෙලා තියෙන්නේ"
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_a523d872ef.jpg)