අඩි 15 ක පමණ දිගැති කිලෝ දෙදහසක් පමණ බරැති තල්මසෙකු අද (03) උදැසන පානදුර වෙරළට ගොඩගසා සිටී බව පානදුර පොලිස් ජීවිත ආරක්ෂක ඒකකය පවසයි .
සත්වයාගේ ශරීරයේ සීරිම් තුවාල කිහිපයක් දක්නට ලැබෙන බවත්, ගොඩට පැමිණ සුළු වේලාවකින් මියගොස් ඇති බවත් සදහන් වේ.
සත්වයා පිරිමි සත්වයෙකු බවට හදුනාගෙන ඇති අතර , අත්තිඩිය වනජීවී කාර්යාලය සහ නාරා ආයතනය දැනුවත් කල බවත්, ඔවුන් පැමිණීමට නියමිත බවත් පොලිසිය පවසයි.
පානදුර සුමිත් පොතුපිටිය සහ පානදුර සමන් කාරියවසම්