පාතාලයට සම්බන්ධකම් කියන සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් දුන් නියෝග හේතුවෙන් නාඳුනන තුවක්කුකරුවෙකු විසින් කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට උත්සාහ කිරීමක් පිළිබඳ ලැබුණු තොරතුරකට අනුව තිළිණ ගමගේ මහතාගේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.
දුර සිට ග්රේනේඩ් විදිනයක් භාවිත කරමින් නන්නාඳුනන තුවක්කුකරුවෙක් විසින් ප්රහාරයක් එල්ල කර තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බවට ලැබුණු තොරතුරකට අනුව මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට දුන් උපදෙස්වලට අනුව තිළිණ ගමගේ මහතාගේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.
ඔත්තුකරුවකු විසින් මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතාට යොමු කළ ලිපියකට අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝගයක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.
මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට එක්තරා පුද්ගලයකු විසින් යමෙකුගෙන් දුරකථන මාර්ගයෙන් ගිනිඅවිය ඉල්ලා ඇති බවට ඔත්තුකරුවකු දුන් තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කළ රහස් පොලිස් නිලධාරීහු ඒ පිළිබඳ තොරතුරුකරුගෙන් ප්රශ්න කළ අවස්ථාවේදී ගිනිඅවිය ඉල්ලා ඇති පුද්ගලයා සම්බන්ධ සියලු තොරතුරු හෙළි කර ඇතැයි වාර්තාවේ.
මෙම ගිනිඅවිය යොදාගෙන මීටර් 150ක පමණ දුරක සිටින පුද්ගලයෙකුට මාරාන්තික ප්රහාරයක් එල්ල කළ හැකි බව මූලික විමර්ශනවලදී හෙළි කරගෙන ඇති අතර, සැකකරුවන් අනාවරණය කර ගැනීම සඳහා මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති අතර මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතාට විශේෂ ආරක්ෂාවක් සැපයීමටද පියවර ගෙන ඇත.