බස්නාහිර හා දකුණු පළාත මූලික කර ගනිමින් සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට ඊයේ (19දා) දිනයේදී ආරම්භ කළ විශේෂ මෙහෙයුම් මගින් අද (20දා) දිනය වන විට පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
මෙම පළාත් දෙක ආවරණය වන පරිදි විශේෂ පොලිස් කණ්ඩායම් 20 ක් අනුයුක්ත කර තිබෙන බවත්, මෙම කණ්ඩායම් විසින් දැනට හඳුනාගෙන තිබෙන අපරාධ කල්ලි සාමාජිකයන් හඹා ගොස් අත්අඩංගුවට ගැනීමට ඉලක්ක ලබා දී තිබෙන බවත් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.
කොළඹ ප්‍රදේශයේ ක්‍රියාත්මක වන විශේෂ පොලිස් කණ්ඩායම් විසින් සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, කොළඹ මධ්‍යම ප්‍රදේශයේ ක්‍රියාත්මක වන අපරාධ කල්ලි කණ්ඩායමක සමාජිකයෙකු වන 33 හැවිරිදි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු සතුව තිබී හෙරොයින් කිලෝ හයයි මිලි ග්‍රෑම් 400 ක් සොයාගෙන තිබෙන බවත් සාතන් මාවත ප්‍රදේශයේදී 26 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවත්, මෙම සැකකරු සතුව තිබි හෙරොයින් ග්‍රෑම් 6 යි මිලි ගැම් 550 ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.
කජමා වත්ත ප්‍රදේශයේදී තවත් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, මෙම සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 320 ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසා සිටියේය.