පාතාල ක්රියාකාරකම් රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙක් පිස්තෝල ගිනි අවියකින් පොලිසිය දෙසට වෙඩි ප්රහාර එල්ල කර ත්රී රෝද රථයකින් පලායමින් සිටියදී මොරගහහේන මිල්ලෑව හන්දිය පුවක් වත්ත ප්රදේශයේදී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.
මීගොඩ පොලිසියේ නිලධාරීන් බෙරුකැටිය ඉන්ධන පිරවුම්හල ආසන්නයේ ක්ෂණික මාර්ග බාධකයක් දමා රථවාහන සෝදිසි කිරීමේ යෙදී සිටියදී තීරෝද රථයක් නැවතීමට අණකර ඇතත් එය නොනවත්වා පෙ දෙසට වෙඩි ප්රහාර එල්ල කර තීරෝද රථය මොරගහායන නගරය දෙසට පලායාමේදී ඒ සම්බන්ධයෙන් ක්ෂණිකව පොලිස් පණිවිඩ ලබාදී තිබූ බව පොලිසිය සඳහන් කරයි
එම අවස්ථාවේදී උප පොලිස් පරීක්ෂකවරයා ප්රමුඛ පොලිස් නිලධාරීන් ජීප් රථයෙන් තීරෝද රථය පසුපස හඹා ගොස් පුවක් වත්ත ප්රදේශයේදී තීරෝද රථයට වෙඩි ප්රහාරයක් එල්ල කර ඇති අතර ඒ සිටි පුද්ගලයන් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා ඇති අතර පුද්ගලයෙක් කළුවරේම අසල රබර් වත්තකට පැන පලා ගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි.
වහා ක්රියාත්මක වූ පොලිස් නිලධාරින් තුවාල ලද පුද්ගලයන් දෙදෙනා පොලිස් ජීප් රථයෙන්ම හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කරන විටත් මියගොස් තිබූ බව පොලිසිය කියයි
පානදුර අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන්ද පැමිණ පරීක්ෂණ පැවැත්වූහ
සිද්ධි වූ ස්ථානයට හා හොරණ මූලික රෝහල වෙත පැමිණ හොරණ අධිකරණයේ මහේස්ත්රාත් චන්දන කලංසූරිය මහතා මහේස්ත්රාත් පරීක්ෂණය පැවැත්වීය.