එක්සත් ජනරජ පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුද්ද යන්න එළැඹෙන සතියේ ප්‍රකාශයට පත් කරන බව එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
අද(09දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
ප්රශ්නය
බොහෝ දෙනා කතා උනේ හිතාගෙන හිටියේ ඔබතුමාත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වේවි කියලා. මොකක්ද වෙන්නේ ඇත්තටම? මොකක්ද ඔබතුමන්ලාගේ තීන්දුව? ඔබතුමන්ලා පක්ෂයක් නිර්මාණය කළා. නමුත් ඔබතුමන්ලා තාම නිහඬයි.
පිළිතුර
අපි මේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගිය පෙබරවාරි මාසේ 14 වෙනිදා පොදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා. ඒ වැඩ පොදු වැඩපිළිවෙල අපි සාකච්ඡා කළා විවිධ දේශපාලන පක්ෂ එක්ක. අපට ධනාත්මක ප්‍රතිඵල ලැබුණා. සෘණාත්මක ප්‍රතිඵල ලැබුණා. නොයෙක් දේ ලැබුණා. අපි ඒ සියල්ලම දැන් විශ්ලේෂණය කර ගනිමින් ඉන්නවා. අපේ පක්ෂයේ සාමාජිකයන් එක්කත් අපි කතා කරගෙන යනවා. අපි ලබන සතියේදී ජනාධිපතිවරණයේ අපේ අපේක්ෂකයා කවුද කියන එක ප්‍රකාශයට පත් කරනවා.