මාබිම ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක සේවා අංශයේ සේවකයෙකුගේ ගුද මාර්ගයට හුලං බටයක් ඇල්ලීමෙන් මරුමුවට පත්වු සිද්ධිය සම්බන්ධව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම ආයතනයේම සේවකයින් දෙදෙනෙකු තවදුරටත් ලබන අප්‍රේල් මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට මහර අංක 02 අධිකරණයේ මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය නියම කරනු ලැබුවාය.
මෙම සැකකාර සේවකයින් දෙදෙනා විසින් ඉකුත් 25 වැනිදා දහවල් එම ආයතනය තුලදී මියගිය සේවකයාගේ ගුද මාර්ගයට විහිලුවට හුලං බටයක් ඇල්ලීමෙන් ඔහු අසාධ්‍ය තත්ත්වයට පත් වී රාගම මහා රෝහලට ඇතුළත් කර තිබිණි.
එහිදී ඔහු නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 28 වැනිදා රාත්‍රීයේ මියගිය ගියේය.
මේ සිද්ධිය සිදුවු අවස්ථාවේම එම සැකකාර සේවකයින් දෙදෙනා අත් අඩංගුවට ගෙන ඉකුත් 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබු අතර පසුව එය ලබන අප්‍රේල් මස 05 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කළහ.
ඩබ්ලිව් ඩී එම් විතානගේ