පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා හා තවත් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ. ඒ තම මරණ දඩුවම සම්බන්ධයෙන් ඔවුන් ගොනු කළ ඇපෑලක් සලකා බැලීමෙන් අනතුරුවයි.
2015 වසරේ පැවැති ජනපතිවරණ සමයේදී එවකට පොදු අපේක්ෂක ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වමින් කහවත්තේ රැළියක් සූදානම් කරමින් සිටියදී එම ස්ථානයට පැමිණි ප්‍රේමලාල් ජයසේකර මහතා වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ බවට චෝදනා ගොනු කර තිබුණි.