ප්‍රියන්ත කුමාර දියවඩන මහතා වෙනුවෙන් අරමුදලක් එකතු කිරීමට සියල්කොට් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව කටයුතු කර තිබෙන බවත් මේ වනවිට ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් එම අරමුදල සඳහා එකතු වී ඇති බවත් පාකිස්තාන මාධ්‍ය වාර්තා කර සිටියි.
ප්‍රියන්ත කුමාර මහතා ලැබූ මාසික වැටුප ඔහු පවුලේ උදවිය සඳහා නොනවත්වා ලබාදීමට කටයුතු කරන බව පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පවසා ඇත.
එම මිලේච්ඡ ක්‍රියාවට සම්බන්ධ සැකකරුවන්ට කිසිදු බුරුලක් පාකිස්තානයෙන් නොලැබෙන බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.