ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරීන් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරයෙකුට රුපියල් 15,000ක දීමනාවක් ලබාදීමට නියමිත අතර සහකාර ප්‍රාදේශීය ලේකම්, සහකාර අධ්යක්ෂ හා ගණකාධිකාරී යන තනතුරු සඳහා රුපියල් 10,000 බැගින් මාසික දීමනාවක් හිමිවනු ඇත.
මාර්තු මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා මාස 10 ක කාලසීමාවක් සඳහා එම දිරිදීමනාව ලබාදීමට නියමිත බව වාර්තා වෙයි.
ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කර තිබේ.