ප්‍රසිද්ධ චිත්‍රපට අධ්යක්ෂවරයකු වසර හයක පමණ සිට පන්නිපිටිය බෝගහවත්ත ප්‍රදේශයේ කුඹුරු යායක් අනවසරයෙන් ගොඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් විමර්ශනය සඳහා පාර්ලිමේන්තු පෙත්සම් කාරක සභාවට යොමු කළ බව මහරගම සම්බන්ධීකරන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඉකුත් (04) දා මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ කැඳවා තිබූ ප්‍රාදේශීය සම්බන්ධීකරන කමිටු රැස්වීමට පන්නිපිටිය බෝගහවත්ත ප්‍රදේශයේ පදිංචි ශාන්ත කේ. හේරත් මහතා ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලකට පිළිතුරු සපයමිනි.
2016 වසරේ සිට මෙම චිත්‍රපට අධ්‍යක්ෂකවරයා දේශපාලන බලය හා සමාජ පිළිගැනීම අවභාවිතා කරමින් කොට්ටාව බටහිර 496 ඩී ග්‍රාම නිලධාරී වසමේ සංවේදී පරිසර පද්ධතියක පිහිටි කුඹුරු යායක කොටසක් භාවිතා කරමින් අඹ , කොස් ඇතුළු ස්ථිර භෝග වගා කොට තවත් කොටසක කුඩා වැවක් සකසා කෙත් බිමට බාධා වන අයුරින් ට්‍රැක්ටර් පෑන්නුමක් ඉදිකර අනීතික ක්‍රියාවක නියැලෙන බවට පැමිණිළි කර තිබුණි.
මේ සම්බන්ධයෙන් වසර 06 පමණ සිට කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්,ග්‍රාම නිලධාරින්, ප්‍රාදේශීය ලේකම් , ප්‍රාදේශීය සම්බන්ධීකරන කමිටුව, ඇමතිවරුන් රාජ්‍ය නිලධාරීන් හා පොලීසිය ලිඛිතව හා වාචිකව දැනුවත් කර තිබූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් සිදු කළ විමර්ශන වලදී මෙම අනවසර ගොඩකිරීම් වහාම නවත්වන ලෙසට නියෝග ලබා තිබුණි.
එහෙත් එම නියෝග කිසිවක් මායිම් නොකරමින් මෙම චිත්‍රපට අධ්‍යක්ෂකවරයා දිගින් දිගටම ගොඩකිරීම් සිදු කරමින් ස්ථිර භෝග වගා කරමින් කටයුතු කළ අතර එම භෝග වගාවල ඵලදාව මේ වන විට ලබන තත්වයට පත්ව ඇති බව ප්‍රදේශවාසීන් ඉදිරිපත් කළ තොරතුරු වලින් අනාවරණය වී තිබේ.
එසේම මේ සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිලි විභාග කොට ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන් වැරදි තොරතුරු ඉහළ බලධාරීන්ට යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ගැටළුව මේ දක්වා උඩු දුවන්නට ප්‍රධාන හේතුවක් වී ඇති බවත් නිලධාරීන්ගේ ලඹැදියාව මත ගන්න ඇතැම් තීන්දු මෙයට හේතු වී ඇති බවත් ශාන්ත කේ.හේරත් මහතා පෙන්වා දී තිබේ.
ඒ අනුව නව රජය පත්වීමත් සමඟ වසර ගණනාවක් තිස්සේ සාකච්ඡා කළත් විසදිමක් නොලද මෙම ගැටළුව යළිත් වරක් ප්‍රදේශවාසීන් විසින් ප්‍රාදේශීය සම්බන්ධීකරන කමිටුවට ඉදිරිපත් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මීට දින කිහිපයකට ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමති සුනිල් කුමාර , මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර , මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මහත්මිය ඇතුළු රාජ්‍යය නිලධාරීන් පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදුකොට සිදුව ඇති ඉදිකිරීම් අනවසරයෙන් සිදුකොට ඇත්නම් ඒවා වහාම ඉවත් කිරීමට කටයුතු කරන ලෙසට නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
තවද මෙම කුඹුරුයායට ප්‍රවේශ වීම සඳහා අඩි දහයක මාර්ගයක් තිබියදී අනවසරයෙන් ට්‍රැක්ටර් පැන්නුමක් ඉදි කිරීම අනවශය බවට ද එහිදී නිගමනය වීය.
ඒ අනුව ඉකුත් (04) දා පැවති ප්‍රාදේශීය සම්බන්ධය කරන කමිටු රැස්වීමෙදී මෙම ගැටලුව යලි සාකච්ඡාවට ගත් අවස්ථාවේදී මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොළ මහත්මිය කියා සිටියේ,
ගොවිජන සේවා සහකාර කොමසාරිස්තුමා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකොට අදාල කුඹුරට වෙන් කර ඇති මාර්ගය පෙන්වා දී තිබියදී අලුතින් මාර්ගයක් ඉදි කිරීමට සම්බන්ධීකරණ කමිටුවෙන් හෝ ලබා නොදුන් තීන්දුවක් නිලධාරීන් ක්‍රියාත්මක කිරීමට යාම මෙම ගැටලුවට හේතුවක් වී ඇති බවත් ලබා නොදුන් උපදෙස් ක්‍රියාත්මක නොකරන ලෙසත් ප්‍රාදේශීය ලේකම් තුමිය නිළධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.