මැතිවරණය අවසන් වනතුරු ප්‍රසංග හා සැණකෙළි පැවැත්වීමට පොලිසිය අවසර නොදීම හේතුවෙන් රට පුරා ප්‍රසංග සංවිධායකවරුන් තුන්දහසකට ආසන්න පිරිසක්ද, මෙම කර්මාන්තය මත යැපෙන ගායක ගායිකාවන්, සංගීත ශිල්පීන්, වේදිකා නිර්මාණකරුවන් සහ වෙළෙඳුන් ඇතුළු ලක්ෂයකට ආසන්න පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්ව තිබෙන බව ඔවුහු ප්‍රකාශ කරති.
ශ්‍රී ලංකා ප්‍රසංග සැණකෙළි සංවිධායකවරුන් සහ සම්බන්ධීකාරකවරුන්ගේ ඒකාබද්ධ සංගමයේ සභාපති දිනේෂ් ආතාවුද මහතා රජයේ මේ තීරණය හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල කල් තියා සූදානම් කර තිබූ සැණකෙළි සහ ප්‍රසංග විස්සකට වැඩි ප්‍රමාණයක් නතර කිරීමට සිදුවූ බව ප්‍රකාශ කරයි.
මැතිවරණයක් පැවැත්වෙන්නේ යැයි පවසමින් ජන ජීවිතයේ අනෙකුත් කටයුතුවලට බාධා කිරීම නොකළ යුතු බවත් කලා කටයුතු ජීවන වෘත්තියක් කරගෙන කටයුතු කරන වෘත්තකයන් වෙනුවෙන් මේ ඉතා අසාධාරණ තීරණයක් බව ද ඔහු පෙන්වා දෙයි.
තම කණ්ඩායම රට පුරා ප්‍රසංග සහ සැණකෙළි සංවිධාන කරන්නේ රජයට ලක්ෂ ගණනින් විනෝද බදු ගෙවමින් බවත් මෙවන් ප්‍රසංග සඳහා අය කරන රජය විනෝද බද්ධ වහා අඩු කළ යුතු බවත් සංගමයේ මාධ්‍ය ලේකම් සිදේෂ් රංගන විජේවීර මහතා පවසයි.