ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් නැවත වරක් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අණපරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත.
මං මාවත්, පාලම්, බෝක්කු සහ දුම්රිය මාර්ග ඇතුළුවමංමාවත්, දුම්රිය මාර්ග මගින් ගමනාගමන සේවා සඳහා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යාම අතිවිශේෂ සේවාවන් බව එම ගැසට් නිවේදනයේ සඳහන්වේ.
මීට ඉහතද ප්‍රවාහන සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයකුත් කර තිබූ අතර, නව ගැසට් නිවේදනය 12වනදා දිනැතිව නිකුත් කර ඇත.