ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධියට රජයේ ඉහළ නිලධාරීන්ගේ සම්බන්ධ බවට තොරතුරු පෙනෙන්නට ඇතැයි කී මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඔවුන් කුමන ආයතනයක කුමන තරාතිරමකට අයත් වුවත් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට ඊයේ (13) නියම කළාය.
මෙම සැකකරුවන්ට අමතරව මෙම සිද්ධිය පාලනය කරන දෙතුන්දෙනා කවුරුන්ද ? යනුවෙන් ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරිය මෙම සිද්ධියට අදාළව සෞඛ්‍ය අමාත්යංශශයේ හිටපු ලේකම්වරයාගේ ක්‍රියාකලාපය සැක සහිත භාවයක් ජනිත කර ඇතැයිද සඳහන් කළාය.
සැකකරුවන්ට ඇප නියම කරන ලෙස ඔවුන්ගේ නීතීඥවරුන් කළ ඉල්ලීම් ප්රතික්ෂෙප කරමින් ඔවුන් ලබන 27 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් බාරයට පත් කළ මහෙස්ත්‍රාත්වරිය මෙම සිද්ධියෙන් අගත’ියට පත්වී සිටිනනේ රජයට බදු ගෙවන සිය`ථ ජනතාව වන විට ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට නීතීඥවරුන්ට අයිතියක් ඇති බව පෙන්වා දෙමින් මෙම සිද්ධිය පැමිණීලි කළ ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ වෙනුවෙන් ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස මහතාට පෙනී සිටීමට අවසර දුන්නාය.
ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශන කරද්දී ගුද මාර්ගයේ” මහ බඩවැලේ” පියයුරු” පෙනහ`ථ” පොස්පෙට් ග්‍රන්ථිය” ආමාශය ආශිත පිළිකා රෝගී්න් සඳහා මෙන්ම ඇසේ දෘෂ්ඨි විතානය පැහැදිලි කිරිම සඳහා භාවිතා කරන ඖෂඹ මෙන්ම රුධිරය කැටි ගැසීමේ රෝගීන්ට දෙනු ලබන ඖෂධද ප්‍රමිතියෙන් තොර බව අනාවරණය වී ඇතැයි දැනුම් දෙමින් පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කළ ඉල්ලමකට අනුව රෝගීන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා අදාළ ඖෂධ යළි කැඳවීමට මහෙස්ත්‍රාත්වරිය නියම කළාය.
පැමිණීල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කොට සිටින බාල ඖෂධ ගෙන්වු බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුු වන සුගත් ජනක ප්‍රනාන්දු මහතා, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා එහි සහකාර අධ්යක්ෂ ශාන්තිනී සොලමන් මහත්මිය, ගණකධිිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර නමැති මහත්ම මහත්මීන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙනන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ කළ පැමිණීල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
සිද්ධියට අදාළව කළ විමර්ශන වලදී අනාවරණය වු කරුණු මත අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් පස්දෙනා අධිකරණයට ඉදිරිපත් කරමින් ඔවුන් සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන පිටු 04කින් යුත් වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත මහතා සමඟ පෙනී සිටි උප පොලිස් පරීක්ෂක යාළේවත්ත මහතා අධිකරණයට අධිකරණයට ඉදිරිපත් කළේය.
රහස් පොලිසියය සමඟ පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කරුණු දක්වමින් ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුු වන සැකකාර සුගත් ජනක ප්‍රනාන්දු මහතාට අයත් සීදුවේ පිහිටි පරික්ෂාණාගාරයකදි මෙම ඖෂධ නිශ්පාදනය කර ඇති බව හෙළි වී ඇති හෙයින් එම ස්ථානය පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කළ නියෝගයකට එම ස්ථානය පරීක්ෂා කිරීමට ගියත් එහි විදුලිය විසන්දි කර තිබීම හේතූවෙන් නිසි අන්දමට එම ස්ථානයය පරීක්ෂා කිරීමට නොහැකකි වු බව දැනුම් දෙමින් කළ ඉල්ලීමකට අනුමැතිය දුන් මහෙස්ත්‍රාත්වරිය හෙට (14) සිට ලබන 27 වැනිදා දක්වා කාලය තුළ අදාළ ස්ථානය යළි පරීක්ෂා කිරීමටද ඒ සඳහා අවශ්‍ය සහය ගැනීම සදහා සැකකරු එම ස්ථානයට ඉදිරිපත් කිරීමටද නියම කළාය.