මාතලේ කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ පෞද්ගලික සහායක වශයෙන් කටයුතු කළප්රධාන පොලිස් පරීක්ෂකසියඹලාගස්පිටියමුදියන්සේලාගේලක්ෂ්මන් බණ්ඩාර මොළගොඩ (58) මහතාගේඅබිරහස් මරණය සම්බන්ධ විමර්ශන සිදුකරන වත්තේගම පොලිසියඔහු අනතුරට ලක් කොට පලා යනමෝටර් රථයක්හඳුනාගෙන ඇති බව පවසයි.
ටොයෝටා ඩීඑක්ස් වර්ගයේ කාර් රථයක්ඒ මහතාඅනතුරට ලක් කොටපලායනන අයුරුඒ අසල තිබූ ආවේක්ෂණ කැමරා පද්ධතිය වල සටහන්ව ඇති බව පවසන පොලිසියඑහි අංකතහඩුව හඳුනාගැනීම සඳහාපුළුල් විමර්ශන ආරම්භ කොට තිබේ.
මාතලේ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ පෞද්ගලික සහායක වශයෙන් කටයුතු කළඒ මහතාඅභිරහස් ලෙස මියගොස් සිටියදී වත්තේගම නගරයේ පෞද්ගලික බැංකුවක් ඉදිරිපිටතිබියදී ඔහුගේමෘත දේහයපොලිසිය විසින් සොයාගෙන තිබුණි.
වත්තේගමනාරංදණ්ඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඒ මහතාපෙරේදා (14) පාන්දර5.30 ට පමණශාරීරික ව්‍යායාම් කටයුතු සඳහා නිවසෙන් පිටත්ව ගොස්සිටියදී එසේ ඔහු අනතුරටලක්ව ඇති බව පොලිසිය කියයි.
මියගිය ප්‍රධාන පොලිස් පරීක්ෂක මොළගොඩ මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ජාතික රෝහලේ දීඅධිකරණ වෛද්‍ය නිලධාරීඩබ්ලිව්.පී.එස්. ඉලුක්කුඹුර මහතා විසින්සිදු කොට තිබූ අතරවාහන අනතුරක් හේතුවෙන් සුසුම්නාවටබරපතල හානි සිදුවීම හේතුවෙන්මරණය සිදුවී ඇති බවටවාර්තාකොට තිබුණි.
තෙල්දෙණිය කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීරොෂාන් අමරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේවත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.