ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. ඊයේ (31දා) රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය නිත්‍ය තැන්පතු සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතික පිළිවෙලින් සියයට 13 දක්වා සහ සියයට 14 දක්වා අඩු කිරීමට තීරණය කර තිබේ.
මීට පෙර නිත්‍ය තැන්පතු සහ අනුපාතිකය සියයට 15යි දශම 5 ලෙස සහ නිත්‍යණය පහසුකම් අනුපාතිකය සියයට 16 දශම අගයක පැවතුණි.
බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් උද්ධමනය අඩුවීම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බව මහ බැංකුව නිවේදනය කරයි.