සංචාරයක් සඳහා සඳහා මෙරටට පැමිණ, ලංගම බස් රථයකින් කොළඹ සිට අනුරාධපුරයට පැමිණි ප්රංශ ජාතික පෙම් යුවළක් සතුව තිබූ රුපියල් 2,25000ක් වටිනා මුදල් , දේපල සහ විදේශ ගමන් බලපත්ර අඩංගු පසුම්බියක් අස්තානගත වීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කල බව අනුරාධපුර පොලිසිය පවසයි.
එම යුවල අනුරාධපුර නගරයෙන් බැස නගරයේ සංචාරය කරන අතර තුර ඔවුන්ගේ මුදල් පසුම්බියේ තිබේ දැයි පරීක්ෂා කිරීමේදී එය නොමැති බව දැනගැනීමෙන් අනතුරුව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ බවද පොලිසිය කියයි.
ඒ අනුව ඔවුන් සතුව තිබූ ලංකා මුදලින් රුපියල් 120,840 ක් , යූරෝ 300ක්, සහ විදේශ ගමන් බලපත්රයක් අස්ථානගත වූ එම පසුම්බිය තුල තිබූ බව පැමිණිල්ලේ සඳහන්වේ.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් සහ සංචාරක පොලීසියේ නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරති.