පළාත් පාලන මැතිවරණය කල් යා හැකි බවට ඉඟියක් මැතිවරණ කොමිසමේ අද පැවැති පක්ෂ ලේකම්වරුන්ගේ රැස්වීමේදී නිර්මාණය වී තිබේ.
මෙම පක්ෂ ලේකම්වරුන්ගේ රැස්වීමේදී මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කර ඇත්තේ හෙට (පෙබරවාරි 15) සිට තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීම සිදු කළ නොහැකි බවයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ (SJB) ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසන්නේ හෙට සිට බෙදා හැරීට නියමිතව තිබූ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීම නතර කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් තහවුරු කර ඇති බවයි.
“අපි එතුමාට කිව්වා ශ්‍රේෂ්ඨාධිකරණයට දුන්නු වචනයේ ඉන්න කියලා. පළාත් පාලන මැතිවරණය සැලසුම් කළ පරිදි පවත්වන බවට ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට සහතිකවුණා. අපි එතුමාට කීවා ඔහුගේ වචනය රකින ලෙස” යැයි රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.
නීතිපතිවරයාගෙන් තමන්ට ප්‍රමාණවත් සහයක් නොලැබෙන බව මැතිවරණ ප්‍රධානියා පක්ෂ ලේකම්වරුන්ට දැන්වූ බවත් එම කරුණ නැවත වරක් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන බවට ඔහු පෙන්වා දුන් බවත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසුවේ නියමිත පරිදි මැතිවරණය නොපවත්වන බව මැතිවරණ ප්‍රධානියා පෙන්වා දී ඇති බවයි.
නියමිත මුදල් ගෙවන තුරු ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකරන බවට රජයේ මුද්‍රණකරුවන් දැනුම් දී තිබේ. තැපැල් ඡන්ද ප්‍රකාශය ලබන 22දා සිට ආරම්භ කිරීමට නියමිතව තිබුණි.
යොහාන් පෙරේරා