2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවන ලද නාමයෝජනා ආපසු කැඳවීමටත් නව නාම යෝජනා කැඳවීමටත් අවශ්‍ය විධිවිධාන සැලසීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.මේ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට 2024/09/02 පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීහේ තීරණය කර තිබේ.
එසේම මේ පිළිබඳව 2024/11/25 දින පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වනලද පිළිගත් දේශපාලන පක්ෂ නායකයින් ද සහභාගී වී ඇති පක්ෂ නායක රැස්වීමේදී 2023 වර්ෂයේ කැඳවන ලස නාම යෝජනා අවලංගු කර අලුතින් නාම යෝජනා කැඳවා ඉදිරිපත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විය යුතු බවට එකඟතාවයට පැමිණ තිබේ.
ඒ අනුව සියලු ඡන්ද හිමියන්ගේ ඡන්ද අයිතිය හා තරුණ ප්‍රජාවගේ ඡන්දය සඳහා නාම යෝජනා ලබා දීමේ අයිතිය ආරක්ෂා වන පරිදි දැනට කැඳවා ඇති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා වන නාම යෝජනා ආපසු කැඳවීමට හා නව නාමයෝජනා කැඳවීම සඳහා විධිවිධාන සැලැස්වීමට හැකිවන පරිදි මැතිවරණ කොමිෂන් සභාවට බලය ලැබෙන සේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබාදීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කර කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.