පළාත් පාලන මැතිවරණය ලබන වසරේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර පවත්වන බවත් පළාත් සභා මැතිවරණය ලබන වසර ඇතුළත පවත්වන බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසිය.
පළාත් පාලන මැතිවරණයට අදාළව පසුගිය වසරේ කැඳවූ නාම යොජනා අවලංගු කිරිමට අදාළ පනත සකස් කර ඇති බවත් එය ලබන වසරේ ජනවාරි මාසයේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බවත් ජනපතිවරයා පැවැසීය.
මහනුවරදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු තවදුරටත් සඳහන් කළේ පළාත් සභා මැතිවරණය ගැටලු ගණනාවක් හේතුවෙන් හිර වි ඇති බවයි.