පළමුවෙන් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22දා) කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද පෙරවරුවේ කොළඹදී රැස් විය.
ජනාධිපතිවරණය නියමිත කාලයේදී පැවැත්වීම සඳහා අයවැයෙන් මුදල් වෙන්කර තිබෙන්නේ යැයි ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ වසරේ දී ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව ද ජනාධිපතිවරයා සදහන් කර ඇත. ඒ අනුව නියමිත කාල සීමාවේදීම ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය හමුවේ සඳහන් කර තිබේ.