"ගෙවල් වල ඉන්නවා "ගේ ගෙම්බෝ " කියලා ජාතියක් ඒයා මිදුලට විසි කරාම බිමට වැටෙන්නේ ගේ දිහා බලාගෙනම අන්න ඒ් වගේ අය පාර්ලිමේන්තුවේ ඉන්නවා හැමදාම ඒකම පංතියක් අතේ බලය තියාගන්න හිතන් හිතපු අයට මේ පරාජය දරාගන්න බෑ රෑට කල්පනා කරලා අඩනවා ඇති වේදිකාවේ කියන දේවල් දැක්කාම තනියම කාමරයකට වුනාම මොනවා කරනවා ඇතිදැ"යි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බදුල්ලේ දි පැවසීය.
"ජනාධිපතිවරණයෙන් පස්සේ මහ මැතිවරණයේදි ඒ් අය පරාජය බාරගෙන ඉවරයි. දැන් ඒ් අය ඉල්ලන්නේ විපක්ෂය. ජනතාවත් කියනවා මේ ජන්දය ටිකක් කම්මැලියිලු. රැස්වීම් නෑ ,බස්,හාල්,තහඩු බෙදන්නේ නෑ කොළඹ අය බදුල්ලට ඒන්නේ නෑ. ඒ් අය ස්වේජ්ජාවෙන්ම පරාජය මේ වෙද්දි බාරගෙන තියෙනවා.
ජනාධිපතිවරණයේදි ජාතික ජනබලවේගයට ජන්දය දුන්න පිරිසට වඩා පිරිසක් මේ ජන්දයේදි අපේ පක්ෂය වටා ඒ්කරාශී වෙමින් සිටිනවා. ඒදා අපිට ජන්දය නොදුන් අයත් අද අපේ පක්ෂය වටා ඒකතුවෙනවා.
මේ රට මෙහෙයවන්න දේශපාලන බලය ඔ්නි දැනට බලය අවශ්‍ය තැන් අපිට නෑ. ජනාධිපතිධුරය තියෙනවා , ඒ්ක බලයක් තමයි නමුත් හැම ක්ෂත්‍රයක්ම මෙහෙයවන්න බෑ. ඒ්කට හොද කැබිනට් මණ්ඩලයක් තිබිය යුතුයි. ඒ් කැබිනට් මණ්ඩලයට බදුල්ලේන් වැඩි පිරසික් ඒවන්න ඒතකොට අපිට තීන්දු තීරණ ගන්න පුළුවන්. ලබන වසරේදි පළාත් සභාවත් තියන්න කටයුතු කරනවා.
ජනාධිපතිවරයාට මෙතෙක් ලබාදි තිබු වරප්‍රසාද විශාල ප්‍රමාණයක් අපි ඉවත් කරනවා. ඇමති මන්ත්‍රි වරප්‍රසාදත් අපි ඉවත් කරනවා. හැබැයි ඉන්න ජනාධිපතිට පමණක් නොවෙයි හිටපු සියලුම දෙනාගෙත්
වරප්‍රසාද ඉවත් කරනවා.
අද ඒකි නෙකාට හිතු හිතු සේ ආරක්ෂකයින් ඉන්නවා. සමහර අයට 300-400යි, වාහන 10-20, කෝකියෝ 10-15යි, මෙහෙම දේශපාලන සංස්කෘතියක් ඔ්නිද අපි කිසිවෙකුගෙන් පළිගන්නවා නොවෙයි. රටේ සමපත් හා මුදල් තමා අත තියාගෙන රට පාලනය කරන යුගය අවසන් කළ යුතු.
මහජනයාගෙන් යැපිලා ,මහජනයාගෙන් වාහනයට තෙල් පරිහරණය කරලා ගෙදර යද්දි වාහනත් ඇරගෙන යන්න ලැජ්ජා නැද්ද? ඒවැනි වැඩ කළ පරපුටු කණ්ඩායම මේ මැතිවරනයේදි පළවාහරින්නම ඔ්නි.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයෙන් පිරිසිදු අය විතරක් ඒවන්න. ලබන 14 වෙනිදා පාර්ලිමේන්තුව පවිත්‍රකරන ශ්‍රමදානයට ඒක්වන්න. අපි මේ දින කිහිපයේදි ඩොලරය රුපියල් 300ට පහළින් තියා ගත්තා.
ගෑස්,ඉන්දන හිගයකින් තොරව දුන්නා, ආර්ථිකය කඩා වැටෙන්න ඉට තියවුවේ නෑ ,කෘෂිකර්මාන්තයට දුන්න පොහොර සහනාධාරය වැඩි කළා,තව සැළසුම් ඉදිරියේදි තියෙනවා, පළමුවන අයවැයෙන්ම රාජ්‍ය සේවකයාගේ
වැටුප වැඩි කරනවා.
2025 වසර තුළදි විදේශිය සංචාරකයින් ලංකාවට ආපු වැඩිම වසර බවට පත් කරනවා. අපි ඒ්වාට සැළසුම් හදලා තියෙනවා. අධ්‍යාපනයේ විශාල ප්රතිසංස්කරණයක් කරනවා. පාසලෙන් ඒළියට ඒන දරුවා ගේ හැකියාව,
නිපුණතාව පිරුණ විනයෙන් පිරිපුන් දරුවන් බිහි කළ යුතුයි."
ප්‍රසන්න පද්මසිරි