පහල කඩුගන්නාවේ බැවුම් ප්‍රදේශයේ අවධානම් සහිත ගල් ඉවත් කිරිම සඳහා කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍ර දේශයේ මාර්ගය 28 වන දින වසා තබන බවට සමාජ ජාලාවල පැතිර යන පුවත අසත්‍ය බවත් එම ගල් ඉවත් කිරිම සඳහා කටයුතු කිරිමේදි විනාඩි කිහිපයකට පමණක් වාහන ගමනාගමනය නවතා දැමිමට සිදුවන බව කැගල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ අනුෂ්ක චමිල මහතා පවසයි.
පහළ කඩුගන්නාව කදු ප්‍රදේශයේ ප්‍රදේශයට පවතින අයහපත් කාලගුණය සහිත වර්ෂාව නිසා අවධානම් සහිත ගල් කිහිපයක් ඇති බවත් එම ගල් එය ස්ථාපිත ස්ථානයේදිම බෝර් දමා විනාස කිරිමට කටයුතු කරනු ලබන බවත් එම අවස්ථාවේදි ගතවන සුලු වේලාවේදි පමනක් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා වාහන පහල කඩුගන්නාවේ සහ ඉහල කඩුගන්නාවේ ප්‍රදේශවල කිලෝමීටරයක් පමණ වාහන නැවැත්විමට සිදුවන බවද ඒ මහතා පැවසිය.
28 වනදා මෙම අවධානම් ගල් ඉවත් කිරිම ආරම්භකිරිමේ කටයුතු ආරම්භකිර්මට කටයුතු සකසා ඇති බවත් අවධානම් ගල් ඉවත් කරන අවස්ථාවේදි ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා වාහන නවතා තැබිමට කටයුතු කරන අවස්ථාව දැනුම්දෙනු ලබන බවද ඒ මහකා වැඩි දුරටත් පැවසිය.