අතින් පයින් පහර දීමෙන් සේවකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කොළඹ 13 ජම්පටා වීදිය අංක 151/36 හි පදිංචිව සිටි මාදවන් ගෝවර්ධන නිත්‍යා නන්ද 46 එවිටි පුද්ගලයෙකි.
වැල්ලවත්ත ගාලු පාරේ වෙළෙඳ සංකීර්ණයක පළමු මහලේ වෙළඳසැලක් ඉදිරිපිට පුද්ගලයකු මියගොස් සිටින බවත් සිදුකළ විමර්ශනයේදී ඔහු එම වෙළඳසැලේ සේවකයෙකු බවත් අනාවරණය වී යැයි පොලිසිය කියයි.
සේවකයා සහ වෙළඳසැලේ හිමිකරු අතර පෙරදින රාත්‍රී මත්පැන් පානය කර ඇති අතර එහිදී ඇතිවූ ආරවුලක් මත ඝාතනය සිදුවී ඇති බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි.අත්අඩංගුවට ගත් සැකකරු පුස්සල්ලාව කටු කිතුල පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.
වැල්ලවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් කහදවල මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.