ගල්නෑව නගරයේ ප්‍රධාන පාසලක සිසුන් දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් විසඳීමට ගිය ක්‍රීඩා ගුරුවරයෙකුගේ පහර කෑ බව කියන සිසුවෙකු, රෝහල්ගත කර ඇති බවත්, එම සිසුවාගේ සහෝදරයාගේ පහර කෑමට ලක් වූ එම පාසලේ ගුරුවරුන් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව ගල්නෑව පොලිසිය පවසයි.
මෙම පහර දීම සම්බන්ධයෙන් 17 හැවිරිදි තරුණයෙකු බුල්නෑව ලෝළුගස්වැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.
පාසලේ ක්‍රීඩා පුහුණුවක් අතරතුර එම පාසලේ 9 ශ්‍රේණියේ සහ 11 ශ්‍රේණියේ සිසුන් දෙදෙනෙකු අතර එල්ලේ පිත්තක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් ගැටුමක් දක්වා දුර දිග ගොස් තිබූ බව පොලිසිය කියයි.
එම ගැටුම විසඳීමට පාසලේ ක්‍රීඩා ගුරුවරයා සහ තවත් ගුරුවරයකු සමග මැදිහත් වී 11වන ශ්‍රේණියේ සිසුවාට කළ පහරදීමකින් එම සිසුවා රෝහල්ගත කර ඇති බව පොලිසිය සඳහන් කළේය.
පහර කෑමට ලක් වූ එම සිසුවා ගල්නෑව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේදී ක්‍රීඩා ගුරුවරයා සිද්ධිය පැහැදිලි කිරීම සඳහා දරුවාගේ භාරකරුවන් සොයා එම නිවසට ගිය අවස්ථාවේදී දරුවාගේ සහෝදරයෙකු, තවත් පුද්ගලයන් තිදෙනකු සමග පැමිණ පොලු වලින් හා අතින් පයින් පහර දී ඇති බවද පොලීසිය කියයි.
එම අවස්ථාවේදී දරුවාගේ මිත්තණිය සහ පුංචි අම්මා එක්ව ගුරුවරයා ආරක්ෂිතව නිවසේ කාමරයකට රැගෙන ගොස් අගුළු දමා ඇති බවද වාර්තාවේ.
අනතුරුව ගුරුවරයා පාසලේ වෙනත් ගුරුවරයෙකු හට දුරකථනයෙන් කතා කර තමන් බේරා ගන්නා ලෙසට පැවසීමත් සමඟ පැමිණි එම ගුරුවරයාටද ඉහත සැකකරුවන් සිව් දෙනා පොලු වලින් සහ යකඩ දම්වැලකින් පහරදී ඇති බවද පොලිසිය කියයි.
මෙලෙස පහර කෑමෙන් තුවල් ලැබූ එම ගුරුවරුන් දෙදෙනාගෙන් එක අයෙකු ගල්නෑව රෝහලේ ප්‍රතිකාර ලබන අතර බරපතල තුවාල ලැබූ අනිත් ගුරුවරයා අනුරාධපුර ශික්ෂණ රෝහලටත් ඇතුළත් කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.
මෙම පහර දීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රදේශය අත්හැර ගොස් සැඟව සිටින අනෙක් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවද පොලිසිය කියයි.
ගල්නෑව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් එම් රොහාන් මුණසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් නිලධාරීහු කණ්ඩායමක් විසින් සිදු කලහ.