පස්සර මඩොල්සිම මාර්ගයේ හයේ කණුව ප්රදේශයේදී ප්රපාතයකට පෙරලීගිය ලංගම බස් රථයක ගමන් කළ මගීන් 09 දෙනෙකු මියගොස් තිබේ. තවත් 40කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.
මාර්ගයෙන් පහළ ප්රපාතයට පෙරළි ගිය බසයේ තුවාල ලැබු මගීන් රෝහල් වෙත ගෙන යාමට ප්රදේශවාසීන් හා පොලීසිය මේ වන විට කටයුතු කරන බව පැවසේ.



