මදුරන්කුලිය ප්‍රදේශයේ ඉඩමක සේවය කළ මුරකරුවෙකු මරණයට පත්වී ඇතිබවට එම ඉඩමේ අයිතිකරු විසින් ඉකුත් 17දා මදුරන්කුලිය පොලීසියට සිදුකළ පැමිණිල්ලකදී පොලීසිය මෙම මෘතශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට කළ මූලික පරීක්ෂණයකදී එම පුද්ගලයාට ජීවය ඇති බවට හදුනාගත් පොලීසිය ප්‍රතිකාර සඳහා වහා රෝහල්ගත කර ඇත.
මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය සභාවක හිටපු සභාපති වරයෙකි. මෙම සභාපති වරයාට හිමි මදුරන්කුලිය ප්‍රදේශයේ ඉඩමක් මුරකරුවෙකු දීරඝ කාලයක සිට සේවය කරඇති අතර ඉකුත් 17දා පොලීසියට මෙම මුරකරු ඔහු සිටින මුරමඩුව තුළම මරණයට පත්ව ඇතිබවට පොලීසියට පැමිණිලි කර ඇත.
ඒ අනුව මෘතශරීරයට මැස්සෝ වසා ඇති බවත් මෙම මරණය සම්බන්ධයෙන් කිසිවෙකුත් සැක නැති බවත් පවසා ඇත.
මෙහිදී පොලිස්ථානාධිපතිවරයා විසින් හිටපු සභාපතිවරයා විසින් පවසා ඇත්තේ මෙය අභිරහස් මරණයක් බවත් මෘත ශරිරීරය සම්බන්ධයෙන් විධිමත් ස්ථානීය පරීක්ෂණයක් සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.
තවද මරණයේ අවසන් කටයුතු සහ මරණකරුගේ ඥාතීන් පිළිබඳව සුදුකළ විමසීමකදී ඉඩම් අයිතිකරු විසින් ප්‍රකාශ කර ඇත්තේ ඥාතීන් පිළිබඳව වැඩිමනක් විස්තර නොදන්නා බවත් අවසන් කටයුතු රජයේ මැදිහත් වීමෙන් සහ එම මුදලින් සිදුකරන බවයි.
අනතුරුව ස්ථානාධිපතිවරයා විසින් හදිසි මරණ පරීක්ෂක වරයාට මෙම සිද්ධිය පිළිබඳ දැනුම් දීමෙන් අනතුරුව පොලිස් නිළධාරීන් යොදවා මෘතශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් කිරීමට ප්‍රථම සථානීය පරීක්ෂණයක් සිදු කරඇත.
මෙම ස්ථානීය පරීක්ෂණයේදී මරණයට පත්ව ඇතැයි පැවසූ පුද්ගලයාට ජීවයක් ඇතිබව එක් පොලිස් නිළධාරියෙකු විසින් හදුනාගන ඇත.
ඒ අනුව සිහිසන් නොමැතිව මුරමඩුව තුළ වැටීසිටි මුරකරු පොලීසිය විසින් වහා රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇත. ඔහුගේ තත්වය බරපතල නොවන බවත් මෙම පුද්ගලයා සිහිනැතිව වැටී ඇත්තේ නිරාහාරව සිටීමෙන් හාමත් බවින් හෝ රෝගාතුර තත්වයකින් බවත් රෝහල් ආරංචි මාරග පවසයි. ඒ අනුව රෝගියා සම්බන්ධයෙන් මෙතෙක් පූරණ නිගමනයකට එළඹ නැතිබව එම ආරංචි මාරග වැඩිදුරටත් පවසයි.
මෙම වැරදි පැමිණිල්ල පිළිබඳව ගන්නා වු නීතිමය පියවර පිළිබඳව සිදුකළ විමසීමකදී පොලිස්ථානාධිපති වරයා පවසා සිටියේ රෝගියා සම්බන්ධයෙන් ඇතිවන අනතුරු දායක තත්වය හමුවේ පසුව තීරණයක් ගන්නා බවයි.
පුත්තලම කොට්ඨාස ජේෂ්ඨ පොලිස් අධිකාරී ඒච්. කේ. රූපසිංහ සහ සහකාර පොලිස් අධිකාරී ඩබ්. එෆ්. සී. සී. රුද්‍රිගෝ යන නිළධාරීන්ගේ උපදෙස්මත මදුරන්කුලිය පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවත්වීය.
ලලිත් ඒ කේ නවරත්න