පවුල් ආරවුලක් මුල් කර ගෙන වයස අවුරුදු 6 සහ 9 ක් වයසැති දුව හා පුතා ඝාතනය කර පියාද සියදිවි හානිකර ගැනීමේ සිදුවීමක් අරණායකින් වාර්තා වෙයි.
මෙම ඝාතනය සිදු වි තිබුණේ අරණායක පොලිස් බල ප්‍රදේශයේ පොල්අඹේගොඩ ගොඩිගමුව වෙල්යාය මැද ඇති ඉපැරණි අම්බලම ඇති ස්ථානයේය. පොලිසිය සැක පහල කරන්නේ ඝාතනය සිදු වන්නට ඇත්තේ මධ්‍යම රාත්‍රීයේදි හෝ අලුයම් කාලයේදි විය හැකි බවයි.
සිද්ධිය වු ස්ථානයේ ප්‍රදේශවාසීන් බොහෝ පිරිසක් ඇඩු කදුලින් මෙම සිදු විම දැක බලා ගැනීමට එක් රොස් වි සිටි අතර මෙම සංවේදි සිදු විම ඉපැරණි අම්බලම තුල සිදු වි තිබුණි. එම මාර්ගයට කිලොමිටරයක් දුරකින් දරුවන්ගේ මවගේ නිවසද පිහිටා ඇත.
33 හැවිරිදි පියා අම්බලමේ ප්‍රධාන බාල්කයේ එල්ලී සිටි අතර දරුවන් දෙදෙනා පියා එල්ලි සිටි ස්ථානයේ බිම සිටිනු දැක ගත හැකි විය. පියා එල්ලී සිටි ලණුව ආසන්නයේ තවත් ලණු දෙකක් වු අතර එම ලණු කැඩි ගොස් තිබුණි. මිය ගොස් ඇති දියණියගේ පාදය ආසන්යේ එක් ලණුවක් දැක ගැනීමට හැකි විය. දරුවන්ගේ පාවහන් සහ පියාගේ පාවහන් එකම ස්ථානයේ තබා තිබු අතර දරුවන්ගේ පියා ඝාතනය වු ස්ථානයේ කොන්ක්‍රීට් ලෑල්ල මත ජංගම දුරකථනයක්ද දැක ගත හැකි විය.
සිද්ධියේ තොරතුරු අරණායක පොලිසිය වෙත වාර්තා වු සැණින් අරණායක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂණ රාහුල කන්දේවත්ත මහතා ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ප්‍රදේශවාසීන්ගෙන් සහ ඥාතීන්ගෙන් සාක්සි සටහන් කර ගනිමින් සිටි.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වු මිය දරුවන්ගේ මවගේ පියා වන 61 හැවිරිදි නිමල් විමලසුරිය අදහස් දක්වමින් මෙසේ පැවසීය.
"මේ මිය ගිහින් මාගේ බෑනා. සහ මාගේ දුවගේ දුවයි පුතායි. බෑනාගේ අම්මාගේ මහ ගෙවල් තියෙන්නේ ගිරිඋල්ලේ දැනට මාස දෙකට කලින් දරුවන් පාසල් ගිහින් හිටියේ අපේ ගෙදර අරණායක ගොඩිගමුවේ. බෑනා දරුවන් පාසල් වලින් අස් කරගෙන දුවත් එක්කම ගිරිඋල්ලට එක්ක ගියා.
එහේ ඉන්නකොට දෙන්නා ආරවුලක් ඇති කරගෙන මාගේ දුව අපිට කතා කරලා කිවා කඩුවක් අරන් මං පස්සේ පන්නනවා මරන්න කියලා. දුව කතා කලේ හැගිලා ඉදලා අපි ඊට පස්සේ ත්‍රීවිල් එකක් අරන් ගිහින් දුව ගොඩිගමුව ගෙදරට එක්ක ආවා. 05 වැනිදා උදේ අරණායක පොලිසියේ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් දැම්මා.
ඒ පැමිණිල්ල විභාග කරන්න තිබුණේ 06 වැනිදා උදේ 10 ටයි. 05 වැනිදා හවස බෑනා දරුවන් දෙදෙනා බයිසිකලයෙන් ගොඩිගමුව අපේ ගෙදරට ආවා. දරුවන් ඇවිත් කෑම බිම කලා අයිස් ඔනෑ කිවා මම කිවා පිජ් එකේ ඇති කන්න කියලා ඒවාත් කලා සතුටින් හිටියා.
හවස බෑනා යන්න ලෑස්ති වුනා දරුවන් දෙදෙනා එක්ක මම කිවා දරුවන් අරන් දැන් යන්න ඔනෑ නැහැ. හෙට නැවත එන්නත් ඔනෑ න කියලා. දරුවන් පාසල් යවන්නත් ඔනෑ ඒ නිසා එක්ක යන්නම් කියලා කිවා. ඉතින් එයාගේ ළමයිනේ මට බල කරන්නත් බෑනේ. ඒ අනුව හවස 05 ට විතර එක්ක ගියා. රාත්‍රී 12.15 ට විතර කොල් එකක් මට ආවා බෑනාගෙන්.
බෑනා කියා බයිසිකලයේ රෙසර් ගියා බයිසිකලය දාලා පයින් යනවා කියලා. මම කිවා පයින් ගියාට කමක් නැහැ බොහෝම පරිස්සමින් ළමයි දෙන්නා එක්ක යන්න දරුවන්ට නිදිමතත් ඇති කියලා. උදේ එන්න කියලාත් කිවා. එහෙම ගිය පාර තමයි උදේ වෙන කොට මේ සිද්ධිය වේලා තිබුණේ" යැයිද පැවසීය.
සිද්ධීය සම්බන්ධයෙන් අදහස් දැක්වු විලානගම චන්ද්‍රරතන හිමියන් මෙසේ පැවසීය.
"මේ සිදුවිම දැක්කාම හරිම සංවේගයක් ඇතිවෙනවා. ගැටලුවක් තිබෙනවා නම් සාකච්ජා කරලා විසදාගත යුතුව තිබුණත් අහිංසක දරුවන් බිල්ලට අරන් සියලු දෙනාම දිවි අහිමි කර ගැනීමට වඩා දරුවන්ගේ අනාගතය ගැනවත් හිතන්න තිබුණා. හදිසි තීරණ ගැනීම නිසා ඇති කර ගත්ත මේ ඝාතනයට අහිසංක දරුවන් බිල්ලක් කර ගැනීමට වැරදි සහගත දෙයක් විදිහටයි මම දකින්නේ" යැයිද උන්වහන්සේ පැවසීය.
සිද්ධියේ සම්බන්ධයෙන් අරණායක අරණායක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂණ රාහුල කන්දේවත්ත මහතා ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් පරික්ෂණ සිදු කරයි. සිද්ධීය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදු කිරීමට නියමිතව පවති.
ජායාරූප සහ සටහන මාවනැල්ල විශේෂ සමන් විජය බණ්ඩාර
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_40c7fe5439.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_11e3c47194.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_95ca0ee500.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_35ffc2ecac.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_4dd4936acc.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_84904dd508.jpg)