උද්ධමනය හේතුවෙන් මෙරට එක් පවුලක් සඳහා මාසික පාරිභෝජන වියදම 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ දෙසැම්බර් මාසය වන විට රුපියල් 103,283 දක්වා 16.5%කින් ඉහළ ගොස් ඇති බව, ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කොට ඇති වාර්ෂික ආර්ථික විවරණ මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පදනම්ව මෙරට එක් පවුලක් සඳහා 2022 වර්ෂයේ මාසික පාරිභෝජන වියදම රුපියල් 88,704ක් වූ අතර, 2023 වර්ෂයේ එක් පවුලක් සඳහා මාසික පාරිභෝජන වියදම රුපියල් 103,283 දක්වා 16.5%කින් වැඩි වී ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
2022-2023 යන වර්ෂයන්වල මෙරට එක් පවුලක් විසින් වැඩිම වියදමක් දරා ඇත්තේ ආහාර නොවන අයිතම සඳහා වන අතර,2022 වර්ෂයේදී මෙරට පවුලක් විසින් වැයකරනු ලැබූ මාසික පාරිභෝජන වියදමි 53.9%ක් වැය කර ඇත්තේ, ආහාර නොවන අයිතම සඳහා බවද මෙකී විගණන වාර්තාවේ සඳහන් වේ.
ආහාර සඳහා වැයකොට ඇති මුදල මාසික පාරිභෝජන වියදමින් 46.12%කි. 2023 වර්ෂයේ මෙරට එක් පවුලක් මාසික පාරිභෝජන වියදමින් 56.2%ක් ආහාර නොවන අයිතම් සඳහා වැයකොට තිබූ අතර, ආහාර සඳහා වැයකොට ඇත්තේ 43.8%කි. 2023 වර්ෂයේදී මෙරට ආහාර නොවන කාණ්ඩයේ අයිතම්වල මිල ඉහළ යාමේ ප්රවණතාවයක් පෙන්නුම් කළද,2022 වර්ෂයට සාපේක්ෂව මිල ඉහළ යාම අඩු මට්ටමක පැවති බවද එම විගණන වාර්තාවේ සඳහන් වේ.