යාපනය පලාලි ගුවන්හමුදා කඳවුරේ පිහිටා ඇති ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායනය වූ සාමාන්‍ය වැසියන් 100ක් ඔවුන්ගේ නිවෙස් වෙතට රැගෙන යාමට ගුවන් හමුදාව විසින් පියවර ගෙන තිබුණි.
ගුවන් හමුදාපති සුමංගල ඩයස් මහතාගේ උපදෙස් පරිදි පලාලි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ගෘෆ් කපිතාන් අසේල ජයසේකර මහතාගේ මූලිකත්වයෙන් එම කඳවුරේ නිලධාරීන්ගේ ශ්‍රමදායකත්වයෙන් මෙසේ නිරෝධායන කටයුතු සිදුවිය.
ලෙබනනය, බ්‍රසීලය, ජපානය යන රටවලින් පැමිණි කාන්තාවන් 68 දෙනෙකු සහ පිරිමි 32 දෙනෙකු ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14 ක් පුරාවට සාර්ථකව නිරෝධායනය විය.