කොවිඩ් 19 පැතිර යාම හේතුවෙන් මාතලේ, උකුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පල්ලේකුඹුර ග්‍රාම නිලධාරි වසම අද (27දා) පෙරවරුවේ සිට වහාම ක්‍රියාත්මකවන පරිදි හුදෙකලා කිරීමට තීරණය කර ඇති බව උකුවෙල ප්‍රාදේශිය ලේකම් එන්.කේ. සේරසිංහ මහත්මිය පැවසුවාය.
මෙම වසමේ නිරෝධායනය පවුල් සදහා අවශ්‍ය වියළි සලාක බෙදිමේ කටයුතු මේ වන විට සිදු කිරමිට සැලසුම් කර ඇති බවද ලේකම්වරිය පැවසුවාය.
මෙම පල්ලේකුඹුර ග්‍රාම නිලධාරි වසමේ පුද්ගලයින් 33කට කොවිඩ් ආසාදනය වි ඇති බවත් ගම්මානයේ පිරිසක් අලුත් අවුරුදු සමයේ ත්‍රිකුණාමලය ඇතුලු වෙනත් ප්‍රදේශවලට බස් රථයකින් විනෝද චාරිකාවක් ගොස් ඇති බවත් මේ නිසා රෝගය පැතිර යාම සිදුව ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
පළමු කොවිඩ් ආසාදිත රෝගියා දඹුල්ල ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයකින් බෝ වි ඇති බවත් මේ නිසා පැතිර යාම වැඩි මට්ටමක පවතන බවද බලධාරින් කියා සිටියි.
රත්තොට රුවන් ධනංජය