නිසි පරීක්ෂාවකින් තොරව වෙළෙඳපොළට නිකුත් කරනු ලැබූ නිර්වින්දන සහ මොළය ආශ්රිත රෝග සඳහා භාවිතයට ගනු ලබන එන්නත් 08ක් තවමත් නිෂ්පාදනය කරන බවත්, එම එන්නත් වෙළෙඳ පොළේ ඇති බවත් අභියාචනාධිකරණයේදී ඊයේ (20දා) අනාවරණය විය.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය මාස 06ක කාලයක් පුරා කරනු ලබන පරීක්ෂාවකින් පසුව නිකුත් කළ යුතු එන්නත් මාස 02ක කාලයක පරීක්ෂාවකින් පසු නිකුත් කිරීමෙන් ජනතාවට මහත් හානි වී ඇතැයි කියමින් ගොනු කර ඇති පෙත්සම් කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර සමාජ ක්‍රියාකාරිකයින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නීල් ශාන්ත සිරිමාන්න මහතා මේ බව අනාවරණය කළේය.අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා හමුවේ මෙම රිට් පෙත්සම සලකා බැලිණ.
සමාජ ක්රියාකාරිකයන් වන ප්‍රනීතා වර්ණකුලසූරිය සහ දුයිෂාන් පී. බුද්ධරගේ මහත්මා මහත්මීන් ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය, ‘%යාසීන් ලැබොරටරි’ සමාගම ඇතුළු පිරිසන් නම් කර ඇත.ජාතික ඖෂධ නියාමන අධිකාරිය මාස 06ක කාලයක් පුරා කරන පරීක්ෂාවකින් පසුව නිකුත් කළ යුතු එන්නත් මාස 02ක කාලයක පරීක්ෂාවකින් පසු නිකුත් කිරීමෙන් ජනතාවට මහත් හානි වී ඇතැයිද එහෙයින් මෙම කටයුතු වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නීල් ශාන්ත සිරිමාන්න මහතා කරුණු දක්වමින් ජනතාවට මහත් හානි වී ඇතැයි කියන මෙම ඖෂධ නිෂ්පාදනය තවමත් සිදුවන්නේ යැයි කීය.එලෙස නිෂ්පාදනය කළ එන්නත් වෙළෙඳ පොළේ ඇති බව කී නීතිඥ නීල් ශාන්ත සිරිමාන්න මහතා මේ තත්වය යටතේ මෙම පෙත්සම කඩිනමින් විභාග කළ යුතු තත්වයක් පැන නැඟී ඇති බැවින් පෙත්සම ඉක්මනින් කැඳවීමට නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතා සහ වගඋත්තරකාර ඖෂධ සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සුරෙන් පුනාන්දු මහතා කරුණු දක්වමින් මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පැමිණිල්ලක් ලැබී නැතැයි කීහ.දෙපාර්ශ්වයේ කරුණු සැලකිල්ලට ගත් අභියාචනාධිකරණය පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා ජූලි 23 වැනිදා එය යළි කැඳවීමට නියම කළේය.පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ නීල් ශාන්ත සිරිමාන්න මහතා පෙනී සිටියේය.නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතා පෙනී සිටි අතර වගඋත්තරකාර සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ සුරන් පුනාන්දු මහතා පෙනී සිටියේය.ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් නීතිඥ ආචාර්ය රවින්දනාත් දාබරේ මහතා පෙනී සිටියේය.