බැංකු මගින් ක්‍රියාත්මක කරනු ලබන පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම එළැඹෙන මාර්තු 31 වැනිදා දක්වා අත්හිටුවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මීට පෙර දෙසැම්බර් 15 වැනිදා දක්වා පරාටේ නීතිය අත්හිටුවීමට තීරණය කළ අතර, ඒ අනුව ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් පරාටේ නීතිය ලබන මාර්තු 31 වැනිදා දක්වා අත්හිටුවීමට මෙලෙස අනුමැතිය හිමිව ඇත.