එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එහි පැවැත්වු සියලුම තරග පරාජයට පත් වීමෙන් පසු 10/13 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
එම අවස්ථාවේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් , ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මෙසේ පැවසුවාය .
"මම මෙම පරාජයට පත් වීම නිසා වේදනාවට පත් වී සිටිනවා. අපි ගොඩක් බලාපොරොත්තු තබා ගෙන සජා නුවර බලා පිටත්ව ගියා . අපි පුහුණු තරග ජයග්‍රහණය කළා. නමුත් අපිට තරගාවලියේ එක් තරගයක් හෝ ජයග්‍රහණය කර ගැනීමට හැකි උනේ නැහැ.
මේ සදහා අපේ දුර්වල පිතිකරණය සහ පන්දු රැකීම ඉවහල් වුණා. විශේෂයෙන්ම මම පිතිකරණය තුළින් අසාර්ථක වුණා. ඒ විතරක් නෙමෙයි හර්ෂිතා, විස්මිත් අසාර්ථක වුණා.
අපිට වැරදුන තැන්, අපේ අඩුපාඩු හදා ගෙන ඉදිරියට යාමට බලාපොරොත්තු වෙනවා. යළින් මහන්සි වී වැඩ කර ජයග්‍රහණය කරා යාමට බලාපොරොත්තුවෙනවා."
එළඹෙන වසරේ පෙබරවාරි මස තමන්ට නවසීලන්තයේ සංචාරයක් තිබෙන බවත් , ඊළඟට එක් දින සීමිත ඕවර් 50 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට නියමිත බවත් , තමන් ඒ තරගාවලිය සදහා දැනට 05 වන ස්ථානයේ පසුවන බවත් චමරි අතපත්තු වැඩිදුරටත් පැවසීය .